දේශීය

ඇඹිලිපිටියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙ​ක් මරුට

ඇඹිලිපිටිය කොලොන්න ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

අද (09) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි සාහසිකයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා මෙ​ම ඝාතනය කර තිබෙනවා.

මරණකරු සිය නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button