විදෙස්

දකුණු කොරියාවේ රොබෝ කෙනෙක් සියදිවි නසාගෙන

දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ, වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක්.

මීටර 2ක පමණ උසින් යුතු පියගැට පෙළකින් වැටී සිටියදී අක්‍රීය වූ රොබෝ සේවකයා සොයා ගෙන තිබුණා.

රොබෝ යන්ත්‍රය පඩිපෙලෙන් පහළට වැටීමට පෙර එක තැන කැරකී ඇති බවත්, පසුව පඩිපෙලෙන් පහළට වැටී ඇති බවත් ගුමි නගරයේ බලධාරීන් සඳහන් කර තිබෙනවා.

ගුමී නගරවාසීන් සියදිවි නසාගත් රොබෝවරයා වෙනුවෙන් ශෝකය පළ කර තිබුණා.

කෙසේ නමුත් ඊට අදාළ වූ තාක්ෂණික හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබුණේ එරට සිදුවූ පළමු රොබෝ සියදිවි නසාගැනීම ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button