දේශීය
පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගය අසල දී පිරිසක් පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගයේ පැවති සාමකාමී විරෝධතාවයක දී පුද්ගලයින් 12දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම පිරිස “විශ්වාසභංගයට සහාය ලබාදෙන්න” යනුවෙන් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් ජයන්තිපුර ප්රවේශ මාර්ගයේ එම විරෝධතාවය නියැලී තිබේ.
අනතුරුව එම ස්ථානයට බස් රථයකින් පැමිණ පාර හරස්කොට පොලිස් නිලධාරීන් පිරිසක් එම උද්ඝෝෂකයින්ගෙන් කිහිපදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණි.
මාර්ගයේ ගමන් ගන්නා ජනතාව අපහසුතාවයට පත්වීම හා වාහනවලට හානි කිරීම සම්බන්ධයෙන් ඔවුන් එලෙස සාමකාමී ලෙස විරෝධතාවයේ නිරතවූ පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.