දේශීය
ශ්‍රීලනිපයේ ප්‍රධානීන්ට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළා.
තවද වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කර තිබෙනවා.
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසාවිනිසුුර සඳුන්විතාන මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.
මෙම වාරණ නියෝගය මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවත් නියෝගයේ වැඩිදුරටත් සඳහන්.