දේශීය

නිවසකින් කාන්තා මළ සිරුරු දෙකක් හමු​වේ

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී කාලයේ දී නිවසක පදිංචි සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් එම නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණු බවයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දොරගුළු දමා තිබී ඇති අතර පසුව ජනේලයකින් බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී මියගොස් සිටින බවට නිරීක්ෂණය වී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් හා 79ක් වූ කාන්තාවන් දෙදෙනෙකු බවට ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් තොරතුරු මත අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද (18) සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button