දේශීය
වන අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරුට

සිය දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි (62) හැවිරිදි පුද්ගලයකුව වනඅලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇති බව ගල්ගමුව පොලිසිය පවසනවා.
සිද්ධියෙන් එම පුද්ගලයාගේ දියණියද බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ යතුරුපැදියෙන් ගල්ලෑව හන්දියේ සිට සිය නිවස බලා යමින් සිටින අතරතුර මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
සිද්ධිය සැලවීමත් සමග අවට පිරිස් එම පුද්ගලයා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඔහුගේ දියණිය අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබෙනවා.