දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයේ නි​ල වෙබ් අඩවිය හැක් කරලා

අධ්‍යාපන අමාත්‍යාංශයේ නි​ල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙ​න් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළා.

කෙසේවෙතත් ඉන් අමාත්‍යාංශ වෙබි අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැති බව මේ වනවිට කළ පරීක්ෂණවලදී අනාවරණවී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්​ම අද උදෑසන වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි වාර්තාවන්නේ.

නිල වෙබ් අඩවිය ග්‍රහණයට ලක්කරග​ත් අ​ය විසින් පහත සඳහන් දැන්වීම ඊයේ (04) රාත්‍රියේ එහි පළකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button