පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක් පාසල් සිසුවෙක්ට පහර දීලා

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිසුවෙකුට පහරදී තිබෙනවා.
එම සිසුවාගේ මව සඳහන් කරන්නේ තම පුත්‍රයාට පහරදී දින පහක් රෝහල් ගත කර සිටි නමුත් පල්ලෙවෙල පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
පසුගිය 11 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිසුවාට පහරදී ඇති බව එම සිසුවාගේ මව සඳහන් කළා.
මේ පිළිබඳව පල්ලෙවෙල පොලිසිය පවසන්නේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පාසලේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක් වූ මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
අදාළ සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකටද ඉන්ධන පිරවුම්හලකදී සිදු කළ පහර දීමක් සම්බන්ධවද පල්ලෙවෙල පොලිසිය විසින් එවකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.