දේශීය
ඇල්පිටියේ තේ ඉඩමක තරුණියකගේ මළ සිරුරක්

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්රදේශයේ තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.
එහිදී එම තරුණියගේ ගෙල කපා ඝාතනය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත මණ්ඩකන්ද කරන්දෙනිය ප්රදේශයේ පදිංචිකාරිනියක්.
ත්රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්රදේශයේදී මෙම තරුණියව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.