දේශීය

ජාතික ආපදා කළමණාකරණ සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැති​ය


2005 අංක 13 දරන ශ්‍රි ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ විධිවිධාන පරිදි ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ වගකීමක්වනවා.

එහි​දී 2023-2030 සෙන්දායි ක්‍රියාකාරි රාමුව, තිරසර සංවර්ධන ඉලක්ක හා දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතින්ට අනුකූලව සහ අදාළ සියලුම විෂයානුබද්ධ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කරනු ඇති බව සඳහන්.

ඒ අනුව, ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ​තා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button