කලා

තලපති විජේ ජනවාරියේ ලංකාවට ?

දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන තලපති විජේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට පුවතක් වර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය නළු විජේ ජනවාරි මස දෙවන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

වෙන්කට් ප්‍රභූගේ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරෙමින් පවතින තලපති 68 චිත්‍රපටයේ රූගත කිරීමක් සඳහා ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එහි රූගත කිරීම් සිදු කර තිබුණේ හයිද්‍රාබාද් නගරය කේන්ද්‍ර කර ගනිමින් බවද සඳහන්.

කෙසේ වෙතත් 2024 වසර උදාව සැමරීම වෙනුවෙන් අදාළ දර්ශණ ලබා ගැනීම් තාවකාලිකව නතර කර දැමීමට මේවන විට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව යළිත් ජනවාරි දෙවන සතියේ එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිට ආරම්භ කිරීමට අධ්‍යක්ෂවරයා සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button