කලා

ඉන්දීය රියැලටිය දිනූ ලාංකීය කිල්මිෂා

දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක පවත්වන රියැලටි ගායන තරඟාවලියක් ජයග්‍රහණය කිරීමට යාපනයේ දැරියක් සමත්වුණා.

ඒ ඉන්දියාවේ තමිල්නාඩුවේ C TAMIL පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, කුඩා දරු දැරියන්ගේ ගායන හැකියාව උරගා බැලීමට පවත්වන ‘Little Champs ’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරඟාවලියෙහි ජයග්‍රහණය කළ කිල්මිෂා යාසිසායි නමැති දැරියයි.

‘Little Champs ’ රියැලටි තරඟයේ ‘සීසන් 3’ තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය 17 වැනිදා චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී ජනප්‍රිය කලාකරුවන් වන විජේ ප්‍රකාශ්, ශ්‍රිනිවාස්, සයින්දවි සහ අභිරාමි විනිසුරුවරුන් ලෙස කටයුතු කළා.

තරඟාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක්ද හිමිවී තිබෙනවා.

මීට අමතරව ‘Little Champs ’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියට කිල්මිෂා යාසිසායි දැරියට අමතරව, අශානි නම් ශ්‍රී ලාංකික දියණියක්ද සහභාගී වූණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button