දේශීය
අයවැය ගැන පක්ෂයේ මතය එකවර කිසිවක් කිව නොහැකි-මහින්ද රාජපක්ෂ

අය-වැයේ ඇති සහාය දැක්විය හැකි සියලු යෝජනාවලට තම පක්ෂය සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ, මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ ඉදිරිපත් කළ අය-වැය කතාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අය-වැය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මිස එකවර කිසිවක් කිව නොහැකි අතර අය-වැය සම්බන්ධයෙන් පක්ෂයේ මතය මේ මොහොතේ කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂය සාකච්ඡා කළ යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අය-වැය සම්බන්ධයෙන් තමාගෙන් අදහස් විමසීමක් නොකළ බව පැවැසූ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ අය සහභාගි වූයේ දැයි තමන් නොදන්නා බවද ඔහු සඳහන් කළා.