දේශීය

නිර්මලා සීතාරාමන් යාපනයේ සංචාරයක

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අද (03) යාපනයේ සංචාරයක නිරතවී තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ නව තාක්ෂණ හා නිපැයුම් වෙළෙඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට සහභාගිවී ඇති අතර, එහිදී ඇයව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පිළිගෙන ඇති බවයි වාර්තාවන්නේ.

යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කළ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය යාපනය ප්‍රදේශයේ ඉදි කළ ඉන්දීය අයෝජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවටද එක්ව තිබුණා.

අනතුරුව යාපනය සංස්කෘතික ශාලාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් සිදුව ඇති අතර, එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටි බව සඳහන්වවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button