දැන් සටන් නැවැත්විය යුතුයි – බයිඩන් ඉල්ලයි

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
එහිදී ඊයේ (01) පස්වරුවේ ගාසා තීරයේ දරුණු සටන් පැවති බවයි වාර්තාවන්නේ.
මේ අතර ගාසා තීරයේ හිරවී සිටි විදෙස් ජාතිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යෑමට ඊයේ අවස්ථාව ලැබී ඇති බවට සඳහන්වනවා.
එහිදී විවිධ රටවල පුද්ගලයින් 400ක් සහ තුවාල ලබා සිටි විශාල පිරිසක් ඊජිප්තුවට යන අයුරු දක්නට ලැබුණා.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ රෆා හරස් මාර්ගය විවෘත කිරීම රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵලයක් බවයි.
ගාසා හි දුරකථන සහ අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන්ම කපා හැර ඇති අතර ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් විශාල ප්‍රමාණයක කටයුතු අඩාල වී ඇති අතර බොහෝ රෝහල් වසා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පුද්ගලයන් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් පුද්ගලයන් 1,400ක් ඝාතනය කළ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බවයි.