දේශීය

කොළඹ නගරයේ ගස් 300ක් අවදානමේ

කොළඹ නාගරික ප්‍රජාවට අනතුරුදායක ගස් ඉවත්කිරීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඒ වෙනුවෙන් නගර සභා සේවකයන් පුහුණුවකට යොදවා ඇතැයි කොළඹ නගර සභා කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ඊයේ (01) ප්‍රකාශ කළා.

කොළඹ නගරයේ අනතුරුදායක ගස් 300ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ගස් ඉවත් කිරීමේ වැඩසටහන සඳහා සේවකයන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ මැදිහත්වීමෙන් කරන බවත් කොමසාරිස්වරිය කියා සිටියා.

පසුගිය ඔක්තෝබර් මස 6දා කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් ඇය මේ බව පැවසුවා.

කොළඹ ගස් අධ්‍යයනයට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥ පරීක්ෂකවරයකු ගෙන්වා සහාය ලබාගෙන ඇති බවත්, ඔහු විසින් ගසෙන් ගසට ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු කරනු ලබන බවත්, කොමසාරිස්වරිය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් සදහන් කළේ, ගස් කැපීමේ උපකරණ සැලකිය යුතු ප්‍රමාණයක් නගර සභාව සතුව පවතින අතර අවශ්‍ය නම් පෞද්ගලික අංශයද සම්බන්ධ කර ගනිමින් අදාළ සහය ලබාගැනීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button