දේශීය
තහනම් ඖෂධ ළඟ තබා ගත් පොලිස් සැරයන් මාට්ටු

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස තහනම් ඖෂධ අඩංගු කාඩ් 400ක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි බව පවසන පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු ගලිගමුව බල්ලපාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී කෑගල්ල අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසන්නේ, අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් සැරයන්වරයා පොලිස් විශේෂ කාර්ය බලකායේන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන සිටි අයෙක් බවයි.
කෑගල්ල ආහාර හා ඖෂධ පාලක නිලධාරීන්ගේද සහය ඇතිව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් තහනම් ඖෂධ තොගය සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙනයන බවයි.