අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 48,000 කට අධික පිරිසකට බලපෑම්

අධික වැසි හේතුවෙන් රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, මාතර සහ ගාල්ල ඇතුලු දිස්ත්‍රික්ක 12 ක පවුල් 12,120 ක් අයත් පුද්ගලයින් 48,821 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
එමෙන්ම, එම දිස්ත්‍රික්කවල නිවාස හානි 689 ක් වාර්තා වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් 686 ක්ම අර්ධ හානි සිදු වී ඇති අතර, බලපෑ ලක්ව ඇති දිස්ත්‍රික්ක දොළහේ ස්ථාන 10ක පවුල් 220 කට අයත් පුද්ගලයින් 930 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රැදී සිටින බවයි.
මේ අනුව, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙට අයත් තැන්නපිටිහේන උස්කදු සහිත ගම්මානයේ නිවාස 21 ක පුද්ගලයින් 74 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන සඳහා යවා තිබෙන බව සඳහන් වනවා.
අද (05) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 65.2ක වැඩිම වර්ෂාපතනය කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මෙලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේදීත් වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ නිල්වලා ගඟ, තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලින් ඉහළ යමින් පවතින බවයි.