දේශීය
දීමනා අහිමි කර ගත් ගුවන් ගමන් ප්‍රමාදය

ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක් පමණ වන බව ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, මේ හේතුවෙන් සේවකයන්ට දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් නොමැති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතීන් සුරක්ෂිත කරමින් අනෙකුත් ගුවන් සමාගම්වලට ‘අයිතිවාසිකම් පිළිබඳ 5 වැනි නිදහස’ ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමටද තීරණයවී තිබෙන බවට ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.