විදෙස්
චීනයෙන් ඉන්දුනීසියාව සඳහා අලුත් ව්‍යාපෘතියක්

චීනයෙන් ලැබුණු මුදල් ආධාර යටතේ සංවර්ධනය කල ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය විවෘත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට ජනාධිපති ජොකො විඩෝඩෝ විසින් මෙම ව්‍යාපෘතිය විවෘත කර ඇති අතර ජකර්තා අගනුවර සහ එරට ප්‍රධාන මුල්‍ය නගරය වන බැන්ඩුන් එක්වන බවයි.
මේ සඳහා වැය කර ඇති මුදල ඩොලර් බිලියන 7.3ක් බවට සඳහන්වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම දුම්රිය සේවය වුෂ් නමින් හඳුන්වා තිබෙන අතර එහි අර්ථය කාලය ඉතිරිකරන සහ විශ්වාසදායක බව යන්නයි.