ක්රීඩා
රන් පදක්කම සොයා කාන්තා ක්රිකට් කණ්ඩායම අද තරග බිමට

ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරඟාවලියේ රන් පදක්කම සඳහා වන තරඟය ශ්රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂුහිදී ආරම්භ වීමට නියමිතයි.
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 06ක ජයක් හිමිකරගනිමින් අවසන් තරඟයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.
අද පැවැත්වෙන තරඟයෙන් ජයගතහොත් ශ්රී ලංකා කණ්ඩායමට රන් පදක්කම හිමිවන අතර පරාජය වුවහොත් එම තරඟ ඉසව්වේ රිදී පදක්කම හිමිවෙනවා.
ආසියානු ක්රීඩා උළෙලකදී ශ්රී ලංකාවට පදක්කමක් ලබා ගැනීමට මෙලෙස අවස්ථාව හිමිව ඇත්තේ 2014 වසරට පසු එනම් වසර 9කට පසුව බවයි වාර්තා වෙන්නේ.