දේශීය

මහනුවරේ ලොරි රථ අනතුරකි​න් 9​ක් රෝහලට

මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී නුගවෙල පාසල් හංදියේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුවී තිබෙනවා.

ඊයේ (03) පස්වරු​වේ එම අනතුර සිදුවී තිබු​ණා.

අනතුරින් පාසල් ළමුන් හය දෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button