චීනයෙන් නොමිලේ ඩීසල් ලීටර් ලක්ෂ 75ක්

චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එම පරිත්‍යාගය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් අනුවයි.
මෙරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළකර ඇති අතර ඉන් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීමට නියමිතව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඉන්ධන තොගය දෙසැම්බර් මස වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් අස්වනු නෙළන අවස්ථාවේදී ගොවීන්ට එම ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවයි.
අදාළ ඉන්ධන ගොවීන්ට නොමිලේ ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා .
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ, යම්කිසි ප්‍රදේශයක සී සෑම හෝ අස්වනු නෙළීමේදී ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් දිස්ත්‍රික් ලේකම්වරු හමුවී ඊට පිළියම් යොදා ගත හැකි බවයි .