දේශීය
සරසවි සිසුවියකට නවක වධය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසුගිය 14 වනදා 1997 දුරකථන මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලක් මත සමනලවැව පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් සිදුකර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලීසිය පවසන්නේ, එම සැකකාර සිසුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බවයි.
ඔවුන් ඊයේ (28) සමනලවැව පොලිස් ස්ථානයට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23, 24 සහ 25 වයස්වල පසුවන මොරවක, රුක්ගහවිල, අළුත්තරම, ඉමදුව හා කිතලව ප්‍රදේශයවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.