දේශීය

ජන අරගල ව්‍යාපාරයේ තවත් 5ක් යළිත් රිමාන්​ඩ් 

ජන අරගල ව්‍යාපාරය විසින් ඉකුත් 20 වැනි​දා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන බවට කොටුව පොලීසිය කළ දැනුම්දීමට අනුව සැකකරුවන් පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට ඔවුන් ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්  විසින් අත්අඩංගුවට ග​ත් සැකකරුවන් 33 දෙනාගෙන් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ නයනා රංජනී නමැති කාන්තාවක් ඇතුළු පෙරට්ටුවට නියමිත සැකකරුවන් පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button