ඖෂධ 38ක් වසරක් පුරා ගුවන් තොටුපොළේ

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තාවකාලික ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හරහා ගෙන්වන ලද ඖෂධ වර්ග 38ක් වසරක කාලයක් පුරාවට කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තිබෙනවා.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මේ බව අනාවරණය කළේ, ගාල්ලේදී ඉකුත් පෙරේදා (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදී.
ට්‍රාන්ස්සේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශේෂ්ඨාධිකරණයේ ගොනුකළ නඩුවක තීන්දුවක් මත මෙම ඖෂධ මිලදී ගැනීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
සභාපතිවරයා සඳහන් කළේ, නමුත් මෙම ඖෂධ ඉන්දීය ණය යෝජනා ක්‍රමය හෝ වෙනත් අරමුදලක් භාවිතා කරමින් ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවයි.
කැබිනට් අනුමැතිය නොලැබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් රුපියල් කෝටි 100ක් වැය කරමින් මෙම ඖෂධ තොගය ගෙන්වා තිබෙනවා.
ඒ අනුව මෙලෙස ගෙන්වන ලද ඖෂධ කල් ඉකුත් වීමටද ආසන්න බව සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අනාවරණය කළා.