දේශීය
ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් දිවයිනට

දිවයිනට රැගෙන ආ තවත් සපුර් ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් අද (24) දිනයේ ගොඩබෑමට නියමිතව තිබෙනවා.
එමෙන්ම බොරතෙල් තොගයක් රැගත් නෞකාවක්ද ඊයේ (23) දිනයේ මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා .
මීට අමතරව ඔටෝ ඩීසල් තොගයක් ලබන 25 සහ 26 යන දිනයන්හි මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක්ද ලබන 27 සහ 29 වන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බවත් භූමිතෙල් සහ ජෙට් යානා ඉන්ධන බෙදාහැරීම පසුගිය 22 වනදා සිට ආරම්භ කළ බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහි වැඩිදුරටත් සඳහන් කළා.