විදෙස්
දිල්ලියේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 27 ක් මරුට

ඊයේ (13) සවස ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 40 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය. ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.
නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම නිසා ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.