දේශීය

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී

පේරාදෙණිය සිට කොළඹ දක්වා ධාවනය වූ ඉන්ධන දුම්රිය රඹුක්කන සහ කඩිගමුව අතර පීළී පැනීමකට ලක්වී ඇති බව වාර්තා වෙනවා.

මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බාධා පැමිණ ඇති අතර දුම්රිය වාර කිහිපයක් අවලංගු කර තිබුනා.

එම අවලංගු වූ දුම්රිය වාර,

පෙ.ව. 06.45 කොළඹ කොටුව – මහනුවර/බදුල්ල (පොඩි මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 07.00 කොළඹ කොටුව – මහනුවර (නගරාන්තර සීඝ්‍රගාමී)
පෙ.ව. 06.15 බදුල්ල/මහනුවර – කොළඹ කොටුව (උඩර‌ට මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 06.30 මහනුවර – කොළඹ කොටුව (නගරාන්තර සීඝ්‍රගාමී)
පෙ.ව. 06.45 මහනුවර – කොළඹ කොටුව (සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button