2022 පැරා මළල ක්‍රීඩා තරඟාවලිය චීනයේදී

ආසියානු ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වෙන 04 වන “පැරා” මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා (16 ) කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියා.
මෙම කණ්ඩායමේ නායකත්වය දිනේෂ් ප්‍රියන්ත විසින් දරනු ලබන අතර, තම කණ්ඩායම මලල ක්‍රීඩා, ටේබල් ටෙනිස්, පිහිනුම්, බැඩ්මින්ටන් සහ රෝවින් යන ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීමට නියමිත බව ඔහු පැවසුවා.
තරගාවලිය ලබන 22 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත අතර, තම කණ්ඩායම ඒ සඳහා හොඳ සූදානමකින් සිටින බවත්, පසුගිය 2015 වසරේ ලබා ගත් පදක්කම් ප්‍රමාණයට වඩා වැඩි පදක්කම් ප්‍රමාණයක් මෙවර දිනා ගැනීමට උත්සාහ දරන බවත් ඔහු පවසා තිබෙනවා.
එසේම, දිනේෂ් ප්‍රියන්ත පවසන්නේ, තමන් පෞද්ගලිකව පිහිටු වූ ලෝක වාර්තාව අභිබවා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා, ශ්‍රී ලංකාවට රන් පදක්කමක් රැගෙන ඒමට කටයුතු කරන බවයි.