වනිඳුට සහ නුවන්ට CPL 2024 තරඟාවලිය අහිමි වෙයි

2024 කැරබියන් ප්රියර් ලීග් 20-20 තරඟාවලිය ශ්රී ලංකා ක්රීඩකයින් දෙදෙනෙක්ට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.
ශ්රී ලංකා දඟ පන්දු යවන ක්රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන ක්රීඩක නුවන් තුෂාරට මෙලෙස C.P.L තරඟාවලිය අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ ඔවුන් දෙදෙනාම ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පැවති එක්දින සහ 20-20 තරඟාවලිය අතරතුරදී ආබාධයට ලක් වීම හේතුවෙන්.
වනිඳු හසරංග සහ නුවන් තුෂාර Kitts & Nevis Patriots කණ්ඩායමට නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිතව තිබුණා.
ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් නුවන් තුෂාරට ඉන්දියාව සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරඟාවලිය අහිමිව ගිය අතර, වනිඳු හසරංග ඉන්දියාව සමඟ එක්දින තරගාවලිය තුළ පාදයේ ආබාධයකට ලක් වුණා.
ඒ, අනුව ඔවුන් දෙදෙනා වෙනුවට දකුණු අප්රිකානු ක්රීඩකයින් දෙදෙනෙක් වන ඇග්රිඩ් නොජ් සහ තබ්රි ශම්සි,නෙවිස් පෙට්රියස් කණ්ඩායම (St Kitts & Nevis Patriots) සමඟ ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වන්නේ.