කල් ඉකුත් සහ බාල බෙහෙත් නිසා වසර දෙකකට මිලියන 156ක පාඩුවක් – රවි කුමුදේශ්

පසුගිය වර්ෂ දෙකෙහිදී ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 156.5ක අලාභයක් සිදුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ, දූෂිත ඖෂධ ගනුදෙනු 9 ක් පිළිබඳව විගණන වාර්තාවකින්ද කරුණු හෙළිකර ඇති බවයි.
එම විගණන වාර්තාවට අනුව Fyu samide Trastuzimab, Ceftvaixone, Diclofenac, Sodium, Etovicoxio, Cetrizine, Clon azipam, Cefotaxime සහ Ipratvopium යන ඖෂධ කාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රාජ්‍ය ඖෂධ සංස්ථා වෛද්‍ය සැපයුම් ඒකකය සහ ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති ආකාරය ප්‍රශ්න සහගත බව ඒ මහතා සඳහන් කරනවා.
මූල්‍ය ප්‍රකාශනවලට අනුව එම ඖෂධ, සංස්ථාවේ අලෙවියට මිලදී ගෙන තිබූ නමුත් 2022 දෙසැම්බර් 31 වැනිදාට තත්ත්වයෙන් අසමත් හා කල් ඉකුත්වූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් මිලියන 60.40 ක් බවත්, ඉකුත් වසර දෙක තුළදී කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධ වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අයවීමට ඇති මුදල රුපියල් මිලියන 55.975 ක් වුවත් එය මෙම වසරේ මාර්තු මස 31 වැනිදා වන විටත් අයකරගෙන නොතිබූ බවත් රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.