’14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව 2023′ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී

’14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව 2023′ සමාප්ති උත්සවය ඊයේ (29) රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්වුණා.
ඒ, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන්.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා පිළිගනු ලැබුවේ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින්.
“අපරාධ සහ අපරාධ යුක්තිය: ආසියාවේ තිරසාර සංවර්ධනය, සාමය සහ ආරක්‍ෂාව” යන තේමාව යටතේ ආසියානු අපරාධ විද්‍යා සංගමය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්ති පීඨය එක්ව සංවිධානය කළ මෙම තෙදින සමුළුව පසුගිය සිකුරාදා (27) ආරම්භ වුණා.
අවසන් දින සැසියේ ප්‍රධාන දේශනය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විසින් පවත්වන ලද අතර, ආරාධිත දේශනය චීනයේ මැකාවු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජියැන් හොං ලියු විසින් පවත්වනු ලැබුවා.
උත්සවය අතරතුර ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න විසින් අගවිනිසුරුවරයාට සහ මහාචාර්ය ලියු වෙත සමරු තිළිණද ප්‍රදානය කළා.
එමෙන්ම, උත්සවයේදී පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරීමද සිදුවුණා.
මෙම සමුළුව ඔස්සේ අපරාධ විද්‍යාව පිළිබඳ පර්යේෂණ, සොයාගැනීම්, අනාගත සහයෝගීතාවයන් සහ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රගතිය ප්‍රචලිත කිරීම සඳහා තනි පුද්ගල ඉදිරිපත් කිරීම්, මණ්ඩල සාකච්ඡා, වට මේස සාකච්ඡා සහ පෝස්ටර් ඉදිරිපත් කිරීම් හරහා තම පර්යේෂණ සොයාගැනීම් ප්‍රදර්ශනය කිරීම සඳහා විවිධ මෙන්ම පුළුල් පරාසයක ඉදිරිපත් කිරීම් සඳහා අවස්ථාව සැලසී තිබීම විශේෂත්වයක්.
15 වන ආසියානු අපරාධ විද්‍යා සමුළුව – 2024 ජූලි 4, 5 සහ 6 යන දිනවල පිලිපීනයේ මැනිලා හිදී පැවැත්වීමට නියමිතයි.