ගෝඨාභයට ආරක්ෂාව දෙන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි මෙරටට පැමිණීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සහ එහි කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද සහ පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමිවිය යුතු බව එම කොමිෂන් සභාව පෙන්වාදෙනවා.
ආරක්ෂාව පිළිබඳ රජයෙන් සහතිකයක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාට ආපසු මෙරටට පැමිණීමට නොහැකි වී ඇති බවට කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවද ඔවුන් එහිදී පෙන්වා දී තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාට පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයින්ටද ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ ලිපිය මඟින් නිර්දේශ කර ඇති බව සඳහන්.