දේශීය

මං නැත්නම් ජනපතිවරණයකුත් නෑ – විජයදාස

තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම්  2024 ජනාධිපතිවරණ මැතිවරණයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ඒ බ​ව කියා සිටියේ, විජයග්‍රහණයේ පෙර දැක්ම නමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂිත නියෝජිත සමුළුවට සහභාගි වෙමින්.

විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

එහි​දී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, කිසිවෙකු ශ්‍රී ලංකා නිදහස් පක්​ෂ පාක්‍ෂිකයාගේ සහය නැතුව ජනාධිපති වීමට සිතනවා නම් එය කළ නොහැක්කක් බවයි.

නමු​ත් ඡන්ද තිබෙන්නේ පක්ෂ මූලස්ථානයේ නොව මහපොළොවේ බවද විජයදාස රාජපක්ෂ මහතා පවසන​වා.

මෙය ඉතාම සුවිශේෂී මැතිවරණයක් බවත් රටේ පැවැත්ම හෝ වැනසීම තීරණය වන්නේ ද මෙම මැතිවරණයෙන් බවයි ඔහු පවසන්නේ.

තමා ජනාධිපති වන්නේ මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දුන් අවවාදය අනුව යමින් රටේ අයිතිකාරයා වීමට නොව භාරකාරයා වීමට බව​ද විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරට​ත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button