දේශීය

ඉන්ධන මිල අඩු වෙයිද?

ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.

ඒ, අනුව අද (30) සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයේ දී සැළකිය යුතු ලෙස මිල පහළ යාමක් සිදුවනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු සිදුකෙරෙන පළමු ඉන්ධන මිල සංශෝධනය සිදුවන්නේ ද අද දිනයේ දී වීම විශේෂත්වයක්.

මේ අතර, අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button