දේශීය
අරලගංවිල දැවැන්තයාට මොකද වුණේ? (වීඩියෝ)

පොළොන්නරුව, අරලගංවිල, කජුවත්ත ප්‍රදේශයේ පසුගිය 14දා රාත්‍රියේ සිට හිසට වෙඩි වැදීම නිසා ඇද වැටී සිටි අලියා ඊයේ (26) අවසන් හුස්ම හෙළුවා.
දින 12ක් තිස්සේ මේ අලියා වැටී සිටි අතර, මින්නේරිය වනජීවි වෛද්‍යවරුන් අලියාට අදාළ සියලු ප්‍රතිකාර කළද, එයින් සුවයක් ලැබුණේ නැහැ.
අවසානයේදී වෛද්‍යවරුන් තීරණය කර තිබුණේ අලියා සුව කළ නොහැකි බවටයි.
එසේ වුවත් සේලයින් සහ වේදනා නාශක ලබාදීම දිගින් දිගටම සිදු වුණා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අනුව වයස අවුරුදු 35-40 අතර වයසේ වූ තරුණ අලියකු වූ මේ සත්ත්වයාගේ, නළලින් වෙඩි උණ්ඩ දෙකක් ඇතුළු වී තිබුණා.
පෙරේදා දිනය (25) වනතුරු කෙසෙල්, මඥ්ඥොක්කා ඇතුළු ආහාර අසීරුවෙන් අනුභව කළ අලියා, ඊයේ උදෑසන සිට ආහාරයට ගත්තේ කෙසෙල් ගෙඩි කිහිපයක් පමණයි.
පසුව මෙම දැවැන්තයා ඊයේ පස්වරුවේ අලියා අවසන් හුස්ම හෙළුවා.