දේශීය
මංගලට සිදුවූයේ කුමක්ද ?

පොලීසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසන නමුත් මංගල මද්දුමගේ පැහැරගෙන ගිය බවටයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරන්නේ.
සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මෙම පැහැරගැනීම සිදුකළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ.
එසේම, මංගල මද්දුමගේ මහනුවර ගෝඨා ගෝ ගම ආරම්භයේදීත් ගෝල් ෆේස් ජන අරගලයේදීත් ප්‍රමුඛපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කරනු ලැබුවා.