දේශීය

ග්‍රාම නිලධාරී වැඩ වර්ජනය දෙවැනි දිනටත්

ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වැඩ වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

ග්‍රාම නිලධාරී හා පරිපාලන ග්‍රාමානිලධාරී ඒකාබද්ධ වෘත්තීය සංගම් සන්ධානයේ කැඳවුම්කරු ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, හෙට (14) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවයි.

ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ මේ වනවිටත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති සේවා ව්‍යවස්ථාව සඳහා තම පාර්ශ්වය සිදු කළ ඉල්ලීම් ඇතුළත් නොකිරීමට විරෝධ පළ කරමින්.

ඔවුන් මෙම සතිය නම් කර ඇත්තේ කළු විරෝධතා සතිය ලෙසයි.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, වර්ජනය පැවතිය ද මැතිවරණ රාජකාරීවලට බාධාවක් සිදු නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button