දේශීය

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔහුගේ පවුලේ සමීපතයෙකු සඳහන් කළේ, ඔහු අසනීප තත්වයකින් පසුවූ අතර අද (17) උදෑසන මහනුවර ප්‍රදේශයේදී ඔහු අභාවප්‍රාප්තවී ඇති බවයි.

එතුමා මියයන විට අවුරුදු 77 වන වියේ පසුවුණා.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රම මහතා එහි බේබි මහත්තයාගේ චරිතය නිරූපනය කළා.

අනතුරුව ලංකාවේ නිෂ්පාදිත පළමු ටෙලිනාට්‍ය ලෙස රූගතවුවද විකාශනය වනවීට ලංකාවෙ හතරවෙනි ටෙලිනාට්‍යය වන “ගඟුලෙන් එගොඩට”.පතිරාජයන් ගේ වැඩක් ලෙස වික්‍රමයන් මුලින්ම දායකවී තිබෙනවා.

එය ලයනල් වික්‍රමයන්ගේද ටෙලිනාට්‍ය කලාවට මුලින්ම සම්ප්‍රාප්ත වීමයි .

මෙතුමා “බට්ටි “ටෙලි නාට්‍යයෙ පවුලක ප්‍රධානියා ලෙස සැර පරුෂ දරදඬු පාලකයෙක්ගේ චරිතය “ආටි හාමු “ලෙස නිරූපණය කළා.

පසුව “සේපාලිකා” නාට්‍යයේ දිසානායක හාමු වූ අතර එම චරිතයත් බොහෝ ජනප්‍රිය වුණා.

එමෙන්ම ඔහුගේ පවුලේ සමීපතයෙකු සඳහන් කළේ, රැකියාවෙන් චිශ්‍රාම ගත් පසු රඟපෑම ජීවිතේම කොටසක්වී ඇති අතර ඒ තුලින් මහත් ආත්ම තෘප්තියක් ඔහු ලැබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button