දේශීය
ඇප තැබූ අපේක්ෂකයින් 10 දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
ඒ අනුව මේ දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, A.S.P ලියනගේ, සජිත් ප්‍රේමදාස, P.W.S.K. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, K.K පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය විසින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
2024 ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.