සහල්වලින් අසාධාරණ ලාභ ගන්න ඉඩ දෙන්නේ නැහැ -අනුර
සහල් පාලන මිල වැඩි කරමින්, අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා .
ජනාධිපතිවරයා පවසන්නේ, සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බවයි.
කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්රවල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබා දීම සඳහා රජය විශාල මුදලක් වැය කරන බැවින් ජනතාවට සහල් සැපයීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද සමාජයීය වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ , සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ධාරිතාව නගා සිටුවමින් සහල් වෙළෙඳපොළ සමතුලිත කිරීමට අදාළව ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.