දේශීය
වසා දැමූ මාර්ග දෙකක් ජනපතිගේ නියෝගයෙන් යළි අරී

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කෙරෙන බවයි.
මීට පෙර මෙම මාර්ග භාවිත කිරීමට අවසර ලබාදී තිබුණේ බලයලත් වාහනවලට පමණක් බව නියෝජ්‍ය පොලිස්පතිරයා සඳහන් කළා.