විදෙස්

එංගලන්තයේ පිහි ඇනුමකි​න් ළමුන් දෙදෙනෙ​ක් මරුට

බ්‍රිතාන්‍යයේ  සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකි​න් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව​යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවනවා.

අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුමන හේතුවක් මත පිහි ඇනුම සිදුකළේ ද යන්න අනාවරණය වී නොමැති අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button