බස් රථ දෙකක් ගැටී අනතුරක් – 19ක් රෝහලට

පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා අද (15) රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය පවසනවා.
අනුරාධපුර,පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදි මෙම අනතුර සිදු වී තිබුණා.
පාසල් සිසුන් රැගත් සිසුසැරිය බස් රථය පාසල් සිසුන් නංවා ගැනිම සදහා ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේ නවතා තිබියදි ඒ පිටුපසින් පැමිණි ඇගලුම් සේවිකාවන් රැගත් බස් රථය සිසුසැරිය බස් රථයේ පිටුපස ගැටි මෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
එම අනතුරින් සිසුසැරිය බස් රථයේ ගමන්ගත් සිසුන් සිවු දෙනෙකුත් එම බස් රථයේ රියදුරා සහ ඇගලුම් හල් සේවිකාවන් පැමිණි බස් රථයේ ගමන්ගත් කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
ඇගලුම් කම්හල් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.