විදෙස්

පේරු රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු ඇමරිකාවේ පේරු වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

මෙහිදී මුහුදු රළ මීටර 3 ක් දක්වා ඉහළ යා හැකි බවට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා සිදුවූ හානි පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.

පේරු හි ඇටිකුයිපා දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 8.8ක් දුරින් සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button