ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (31) බංගලාදේශය සමඟ පැවැත්වෙනවා.

තරගය, පස්වරු 3.00 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය්දී ආරම්භ කිරීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග ආසියානු කුසලානය සඳහා සහභාගී නොවන අතර, ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති පළමු තරගයෙන් නේපාල කණ්ඩායම පරදවා ලකුණු 238ක ජයක් හිමි කරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 342ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 4ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 104ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button