දේශීය
රිය අනතුරකින් තිදෙනෙකුට බරපතල තුවාල

නවතා තිබු මගී ප්රවාහන බස් රථයක ත්රි රෝද රථයක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා.
මුන්දලම පොලිසිය පවසන්නේ, තිදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බවයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්රි රෝද රථයේ ගමන් ගත් මදුරන්කුලිය කරිකට්ටිය ප්රදේශයෙ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය පවසන්නේ.
විදේශ රැකියාවක් සදහා පිටත් වීමට කටුනායක ගුවන් තොටුපල රැගෙන යමින් තිබු ත්රි රෝද රථයක් මෙලෙස බස් රථයේ ගැටි අනතුරට ලක්වි ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ පුත්තලම සිට හලාවත දක්වා ගමන් කර තිබු පුද්ගලික මගී ප්රවාහන බස් රථය මගීන් නංවා ගැනිමට මුන්දලම රෝහල ඉදිරිපිට නවතා තිබියදී පසුපසින් පැමිනි මෙම ත්රි රෝද රථය රියදුරු පාලනයෙන් මිදි අනතුරට ලක්වි ඇති බවයි.