දේශීය

ගල්වළක ගිලී එකම පවුලේ තිදෙනෙක් මරුට

තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ ගල් වල​ක ගිලී මව සහ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසන​වා.

තිස්සමහාරාම පොලීසිය පැවසුවේ මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 09 සහ 14 වයස්වල පසුවන ඇයගේ දියණියන් දෙදෙනෙක්.

පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බවත්, දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවට සැක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button