ක්‍රීඩා

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කළ ඉන්දියාවේ මුස්ලිම් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය ඉරිදා පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී ඉන්දියාවට එරෙහිව පකිස්තානය ලැබූ ජයග්‍රහණය සැමරූ බව කියන කාශ්මීර සිසුන් තිදෙනෙකු උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ තරඟය අතරතුර ඔවුන් ඉන්දීය විරෝධී සහ පකිස්තාන ගැති පාඨ කියමින් සයිබර් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ බවත් සතුරුකම ප්‍රදර්ශනය කළ බවත් සඳහන් කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

පකිස්තාන කණ්ඩායමට ඔල්වරසන් දීමේ චෝදනා මත අග්‍රා නගරයේ සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීම මුස්ලිම්වරුන්ට එරෙහි මර්දනයේ නවතම සිදුවීම ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තරඟයේ දී පකිස්තානය කඩුලු දහයකින් ඉන්දියාව පරාජය කරනු ලැබුවා.

දකුණු ආසියාතික අසල්වාසී ඉන්දියාව සහ පකිස්තානය අතර සබඳතා බොහෝ විට ක්‍රිකට් තරඟ නිසා නරක අතට හැරිම සුලබ තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.

තරඟය අවසන් වූ විගස ඉන්දීය කණ්ඩායමේ සිටින එකම මුස්ලිම් ජාතිකයා වන මොහොමඩ් ෂාමි දරුණු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් කෙරුණා.

ඔහු හිතාමතාම පකිස්තාන කණ්ඩායමට ලකුණු ලබා දූන් බවට චෝදනා එල්ල කළ ඇතැම් ඉන්දියානුවන් ඔහු ද්‍රෝහියකු ලෙස සඳහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button